loader image
Select Page

මීට ටික කලකට ඉහතදී සමාජසත්කාර.lk HOPE (One Call | Does All) Hotline එකට ඇමතුමක් ආවා මැදවච්චිය, හිරල්ලුගම ගමේ අපේ සම්බන්ධීකාරක සිසිර අයියාගෙන් රෝදපුටුවක් අවශ්‍ය තාත්තා කෙනෙක් හිරල්ලුගම ගමේ ඉන්නවා කියලා.

යූ. ඥානසේන තාත්තගේ වයස අවුරුදු 63යි. ගොවිතැන් කරලා ජීවත් වුනේ. ඒත් අංශභාගය නිසා මේ තාත්තා එක්තැන් වෙලා ඉන්නේ. අපි මේ තාත්තට රෝදපුටුවක් පරිත්‍යාග කලා. දරුවොත් විවාහ වෙලා වෙන්වෙලා ගිහින්. දැන් බොහොම අමාරුවෙන් තමා මේ තාත්තාව බලාගෙන ඒ අම්මා ජීවිතේ ගැටගහගන්නේ.

ඔහුගේ පවුලේ අය සහ ඔහු නොසෑහෙන්න පිං දුන්නා. නොසෑහෙන්න ආශිර්වාද කලා. ඒ හැම ආශිර්වාදයකම සැබෑ හිමිකාරිය මේ රෝද පුටුව පරිත්‍යාග කල Yasintha අක්කයි.

ඔබ මේ කලාවූ පුණ්‍යකර්මය හේතුවෙන් ඔබේ අනාගතය සර්වප‍්‍රකාරයෙන්ම සාර්ථක වේවා. රැකියාව, විවාහ ජීවිතය සාර්ථක වේවා. නීරෝගී දරු සම්පත් හිමිවේවා.

මේ පුණ්‍යකර්මය නිර්වාණ සම්පත්තියටද හේතුවාසනා වේවා. දැකබලා සතුටුවන ඔබටද මේ පිංකම අනුමෝදන් වෙත්වා.

මේ පිළිබඳව විස්තර ලබාදුන් හිරල්ලුගම ගමේ සිසිර අයියාටත්, ව්‍යාපෘතියට ශ්‍රම දායකත්වය දැක්වූ Chathura මල්ලීටත්, කංචන අයියාටත් බොහොම පිං.

Location : හිරල්ලුගම, මැදවච්චිය