loader image
Select Page

මේ පවුලේ දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දරුවන්ගේ පියා ගොවිතැන් කරන්නේ. ගොඩක් අසරණ පවුලක්. කඩා වැටුණු මැටි වලින් හදපු පුංචි පැලක මේ අය ඉන්නේ. ඡායාරූප වලින් පෙනේවි නිවසේ තත්වය. නිවසට දොර ජනෙල් නැහැ. කැලයක් මැද්දෙන් ගොඩක් දුර යන්න වුණා මේ නිවස සොයාගෙන.
මගේ ෆේස්බුක් මිතුරියක් වන Nilupa Perera අක්කගේ දුව ටිනාරා නිමායා හේවගේ දුවගේ උපන්දිනය දෙසැම්බර් 30 දිනට යෙදිලා තිබුණා. ඒ වෙනුවෙන් තමා අද මේ පවුලට විදුලි ආලෝකය ලබාදුන්නේ.
දැන් මේ දරුවන්ට කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන්න ඕන නැහැ. ආරක්ෂාව තියෙනවා. මෙයාලා පහල ගෙදරින් වයර් එකක් ඇදලා ලයිට් අරන් තිබ්බේ. අපි ඒක ඉවත් කරන්න කීවා.
මෙහිදී අපි විශේෂයෙන්ම සැකසූ සමාජසත්කාර Study Light එකක් සහ නිවසට අමතර LED බල්බ් තුනක් ඔවුන්ගේ අවශ්‍යතාවය පරිදි සවිකලා. මෙහි ජංගම දුරකතන චාර්ජ් කිරීමේ පහසුකමද තිබෙනවා.
අද මේ පවුල ගොඩක් සතුටෙන් ඉන්නේ. ගොඩක් පිං දුන්නා. ඒ පින ඔයාලටයි අක්කා. මේ දරුවන්ගේ නිවස ආලෝකමත් වුණා වගේ ඔයාලගේ ජීවිතත් ආලෝකමත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. නිමායා දුවටත් සුභ උපන්දිනයක්… දිනය පසුවීම ගැන සමාවෙන්න අක්කා. අවශ්‍යතාවය ඇති පවුලක්ම සොයා දෙන්න අවශ්‍ය නිසයි ප්‍රමාද වුණේ… මේ ඔබගේ දායකත්වයෙන් සුර්ය පැනල ලබාදුන් දෙවෙනි නිවසයි.