loader image
Select Page

තුන් වේලම අඩුවක් නැතුව ලැබෙන අපිට මේ දරුවෝ විඳින දුක හරි හැටි නොදැනෙන්න පුළුවන්. නමුත් සිතාගන්න පුළුවනිද මේ දරුවෝ බඩගින්නක් ආවත් ඉවසාගෙන පාසලේ වැඩ කටයුතු කරන්නේ ඒ දරුවන්ට වෙනත් විකල්පයක් ඇත්තේම නැති නිසා. ඔබට මතක ඇති ඔබ පාසල් ගිය කාලය. කඩචෝරු කන්න පුංචි මුදලක් හරි අරන් ගියේ ප්‍රධාන කෑම වේලට අමතරව. ඒත් මේ දරුවන්ට ප්‍රධාන කෑම වේලකින්වත් කුස පුරෝගන්න අවස්ථාවක් නැහැ. ඒ දරුවන්ගේ කුසගින්න තරමක් හෝ නිවාගන්න ලැබෙන්නේ එදා දවසට මොනාහරි විකුණලා, කුළී වැඩක් කරලා ලැබෙන පුංචි මුදලකින්.

ඉතින් මේ දරුවෝ කොහොම හරිහැටි අධ්‍යාපනය ලබන්නද? මේ දරුවන්ගේ දුක ගැන අවබෝධ උන අපි මේ පවුල් වලට වියළි ආහාර ලබා දෙන්න කටයුතු කළා. වියළි ආහාර පාර්සලයේ පෝෂණීය ආහාර අඩංගු නිසා මේ වියළි ආහාර මල්ල ඒ දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් බොහෝමත්ම වටිනවා. ඒ දෙමාපියන්ට කොයිතරම් සතුටක් ඇත්ද. හැකි ඕනෑම මොහොතක කාගේ හෝ කුසගින්නක් නිවන්න හැකි නම් ඒ පිනෙන්ම ඔබේ හැම දුක් ගින්නක්ම නිවී යාවි.