loader image
Select Page

මාගේ ෆේස්බුක් මිතුරෙක් වන Yudara Bernard Weerakoon අයියා සහ Lanka Ekanayake අක්කාට අවශ්‍ය වුණා ඔවුන්ගේ ආදරණීය දියණියගේ (ආන්යා ඇව්රිල් වීරකෝන්) 3වැනි උපන්දිනය සමරමින් අසරණ දරුවන්ට පාසල් උපකරණ පරිත්‍යාග කරන්නට.

අධික වියදම් දරමින් සමරන උපන්දින සාද තුළ රැඳෙන සතුට මෙන් නොව මෙවන් දරුවන්‍ට උපකාර වෙමින් සමරන උපන්දිනයකින් දරුවෙක්ට ලැබෙන ආශිර්වාදය අතිමහත්. දිළිඳුකමින් පීඩා විඳිමින් ඉගෙනීම් කටයුතු සිදු කරන මේ දරුවන්ට මෙලෙස ඔබගේ පිහිටක් සහයෝගයක් ලැබීම ජීවිතේ දිනන්නට ඔවුනට ලැබෙන මහඟු පිටුවහලක්. දවසේ එක වේලක් වෙනුවෙන් සටනක යෙදෙන මේ දරුවන්ගේ දෙමාපියන්ට පාසල් උපකරණ වෙනුවෙන් වියදම් කරන්නට තරම් ප්‍රමාණවත් ආදායමක් ලැබෙන්නෙ නැහැ. ඉතින් මේ දරුවන්ට අළුත් පාසල් උපකරණ මිලදී ගන්න එක හැම මොහොතකම හීනයක්. මේ පුංචි දරුවන්ගේ ඒ හීනය සැබෑ කරමින් දෙමාපියන්ගේ හිත් වලට සහනයක් ගෙන එමින් ඔබේ දියණියගේ උපන්දිනය වෙනුවෙන් මේ සිදුකළ සත්ක්‍රියාව ඉතාමත් වටිනවා.

දුක් කරදර මැද ජිවත් උනත් පුංචි මල් වගේ ඉන්න මේ දරුවන්ගේ හිත් වල පිරුණ සතුට ඔබටත් පේනවා ඇති. බලන්න ඒ දරුවෝ අපිව පිළිගත්ත ලස්සන…

මේ සතුට ඔවුන් වෙත ළඟා කරදී ඔබ දෙපළත් උපන්දිනය සමරන ඔබ දෙපළගේ සිඟිති දියණියත් මේ රැස් කරගත්තාවූ කුසලයේ ආනුභාවයෙන් සතුට සැනසුම නිරතුරුවම රැඳේවා… නිදුක් නීරෝගී සුවය ලැබේවා… පිනැති දුවෙකු සේ දැනුමින් ගුණ නුවනින් වැඩෙන්නට ආන්යා දුවට මේ කුසලය ආශිර්වාදයක්ම වේවා… කුඩා අවධියේ පටන්ම උපන්දිනය අර්ථවත් ලෙස සමරන්නට උගන්වමින් නිවැරදි මඟ පෙන්වා දෙන ඔබ දෙපළටත් තව තවත් කුසල් රැස් කර ගැනීමට හැකියාව ලැබේවා… මේ සිදු කරගත්තාවූ කුසලයේ සසර කෙළවර නිවන් සුව පිණිසඳ හේතු වාසනා වේවා…

සුබ උපන්දිනයක් ආන්යා දුවේ….

Donor : Yudara Bernard Weerakoon
Birthday : April 16
Project IDs : 2019-APR-0133