loader image
Select Page

උඩුබද්දාව බ්ලොක්ගල් වැඩපලේ වැඩ ආරම්භ කලා. දරුවන්ගේ තාත්තා පුදුම සතුටකින් ඉන්නේ. පිං දෙනවා හැමෝටම. දැන් ගඩොල් කපනවා. දවසට 100ක් වගේ තමා කපන්නේ. වැස්ස නිසා මේ ටිකේ පොඩ්ඩක් අපහසුයි. අනික එයත් අසනීපෙන්නේ. මාස 2ක් තිස්සේ විදුලිය ගන්න විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලා සිටියත් තාමත් දීලා නැහැ. ගෙදරින් වයර් එකක් ඇදලා දැනට වැඩ. අල්ලපු ගෙදරින් ලියුමක් ගේන්න කිව්වලු සප්ලයි එක දෙන්න. ඒ ගෙදර අයගේ අවසරය ඕනලු ඒ අයට කරදරයක් නෑ කියලා. අනේ මන්දා හැම ප්‍රශ්නයක්ම පොඩි මනුස්සයටයි. ගෙදරට විදුලිය තිබ්බේ නැතිනම් ඉතිං මේ මනුස්සයා මොනා කියලා කරන්නද…
සිමෙන්ති කොට්ටයකින් දැනට බ්ලොක්ගල් 90ක් හදනවලු. මම කීවා කිසිම හේතුවකට ප්‍රමිතිය බාල කරන්න බෑ කියලා. මොකද මේ ව්‍යාපාර තියෙන්නේ සමාජසත්කාර නාමය යටතේ නිසා.
බ්ලොක්ගල් වැඩපල ඒක පුද්ගල ව්‍යාපාරයක් විදිහට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කරන්න ඉල්ලුම් කරලා තියෙන්නේ.
ඊලඟ වතාවේ මම ඒ අයට නාම පුවරුවක්, බිල් පොතක් සකසා දෙනවා. ඒත් සමඟම බ්ලොක්ගල් වල ප්‍රමිතිය මා විසින්ම පරික්ෂා කරන්න බලාපොරොත්තු වෙනවා. අහඹු ලෙස තෝරගත් ගඩොල් කිහිපයක් පීඩනයට ඔරොත්තු දෙන ආකාරය සොයා බලනවා.
මම යන්න ලැහැස්ති වෙනකොට තාත්තට කීවා ෆොටෝ එකක් ගන්න එන්න කියලා. මම එයාගේ කරට අත දැම්මහම කීවා “අනේ මහත්තයා දාඩිය” කියලා. මම කීවා කමක් නෑ, මහන්සි වෙලා වැඩ කරලා ආපු දාඩියනේ කියලා.
එයාගෙන් බ්ලොක්ගල් කපන්න අපි හදවපු අඹ ලෑල්ලකුත් ඉල්ල ගත්තා, මොකද මේ විදිහෙම වැඩපලක් පොලොන්නරුවෙත් අපි ආරම්භ කරනවනේ…

බලන්න දරුවන්ගේ මූණුවල තියෙන සිනහව… මගේ ෆේස්බුක් යාලුවෝ හැමෝටම ගොඩක් පිං… ඔයාලා නිසයි මේ පවුල අද සතුටෙන් ඉන්නේ.