loader image
Select Page

උදව්.lk දුරකතන අංකය උදව් අවැසි පුද්ගලයින් හට ලබාදීමෙන් වළකින්න.

ඔවුන් පිළිබඳව අපට දැනුම් දීමේ වගකීම ඔබ සතුය. එය සිදුකල යුත්තේ උදව්.lk අන්තර්ජාල වේදිකාව (Website/App) ඔස්සේ පමණි.

දුරකතන ඇමතුම්, ෆේස්බුක්, වයිබර්, ඉමෝ, වට්ස් ඇප්, ටෙලිග්රෑම්, ඊමේල්, කෙටි පණිවිඩ හෝ වෙනත් ඕනෑම ක්රමයකින් ලැබෙන ඉල්ලීම් ප්රතික්ෂේප වනු ඇති අතර අප විසින් කිසි විටකත් අවධානය ලබා නොදෙනු ඇත. උදව්.lk නිර්මාණය කිරීමට ප්රධාන හේතුව වූයේ එවැනි මාධ්ය වලින් දිනපතා ඉල්ලීම් විශාල ප්රමාණයක් ලැබෙමින් අප අපහසුතාවයට පත්වන නිසා සහ පසුව ඒවා සොයාගැනීමට අපහසුවන නිසාය. උදව්.lk යනු ඒ සියල්ල එකම තැනකට ගෙන පහසුවෙන් විස්තර වාර්තා කිරීමට නිර්මාණය කල පද්ධතියකි. එය මුලින් වෙබ් අඩවියක් ලෙසත් පසුව ඇන්ඩ්රොයිඩ් ඇප් එකක් ලෙසත් එළි දැක්වීමට බලාපොරොත්තු වේ.

මෙය පරීක්ෂණ මට්ටමේ පවතින සේවාවකි. ඒ පිළිබඳව විස්තර දැනගැනීමට Udaw.lk – උදව්.lk ගෲප් එකට සම්බන්ධ වන්න. නොඑසේනම් Udaw.lk – උදව්.lk ෆේස්බුක් පේජ් එකට සම්බන්ධ වන්න. එවිට සේවාව පිලිබඳව සහ එය ආරම්භ කල විට ඔබට දැනගැනීමට හැකිවේවි.

උදව්.lk | Udaw.lk ලඟදීම….

? සැ.යු : කිසිම අවස්ථාවම මෙම ඡායාරූපය ඩවුන්ලෝඩ් කර, අන්තර්ගතය වෙනස් කර හෝ නොකර ඡායාරූපය පමණක් කිසිම වෙබ් අඩවියක, පේජ් එකක, ගෲප් එකක අප්ලෝඩ් කිරීමෙන් වළකින්න. මෙම පෝස්ට් එකම ශෙයාර් කිරීමට කාරුණික වන්න.

?️ 0701 10 10 10 (අත්යවශ්යම හේතුවකට පමණක් ඇමතුම් ලබාදෙන්න. අවශ්ය සියලුම විස්තර අපගේ පේජ්/ගෲප් වල සඳහන් කර ඇත)

?‍?‍?‍? මේ පෝස්ට් එක හැකි තරම් අයට ශෙයාර් කරන්න. මෙය ශ්රී ලංකාවේ සෑම පුරවැසියකුගේම වගකීමක් ලෙස සිතන්න. මන්ද 2019 ජූනි 19 වෙනි දිනෙන් පසු අසරණ මිනිසුන්ගේ සෑම ප්රශ්නයක් වෙනුවෙන්ම අපේ කණ්ඩායම කැප වීමට සූදානම්. ඔබට තිබෙන්නේ ඔවුන් ගැන අපට දැනුම් දීම පමණයි. ඒ සඳහා මුළු ශ්රී ලංකාවම මෙම සේවය ගැන දැනගැනීම වැදගත්ය.

? සේවාව පිළිබඳව විස්තර දැනගත හැකි ආකාරය :

? Group : Udaw.lk – උදව්.lk Group එකට Join වෙන්න, හැකි තරම් මිතුරන් එකතු කරන්න කාරුණික වන්න.
https://www.facebook.com/groups/udaw.lk

?️ Page: Udaw.lk – උදව්.lk Page එක ලයික් කරන්න. මිතුරන්ට Invite කරන්න.
https://www.facebook.com/udaw.lk/

? Web : https://www.udaw.lk/