loader image
Select Page

ගොඩක් වෙලාවට ෆේස්බුක් ඉන්න අය විතරයි මගේ දුරකතන අංකය දන්නේ. මම සමාජසත්කාර වැඩසටහනක් කරනවා කියලා, අසරණ මිනිස්සුන්ට උධව් කරනවා කියලා. ෆේස්බුක් සහ මම ගිය ගම් වල සමහර ගෙවල් විතරයි දන්නේ… ඒත් රටේ ප‍්‍රශ්න තියෙන කී දෙනෙක් ඉන්නවාද?
මට ඕන ලංකාවේ අන්ත, අසරණ, දුප්පත් කෙනෙක්ට ප‍්‍රශ්නයක් ඇති වුනහම කෙළින්ම ‘‘ධනේෂ් පුතාට කීවනම් හරි’’ කියන තත්වය හෝ 0703366488 අංකයට කතා කරන තත්වයට පත්වෙන්න.
මම ගොඩක් ප‍්‍රශ්න දකින්නේ ගමේ ගෙයක් ගෙක් ගානේ මම යන නිසා.
ඒත් ගමට යන්න කලින් මට ගමේ ප‍්‍රශ්න දැනගන්න පුළුවන්නම්. මගේ ආයතනය ලියාපදිංචියෙන් පසු මට ඇතිවූ ප‍්‍රතිලාභීන්ගෙන් අත්සන් ගැනීම, ග‍්‍රාම නිළධාරීන්ගෙන් අවසර ගැනීම, දැනුවත් කිරීම වැනි දේවලට අළුත් අදහසකින් විසඳුමක් අපට ලබාදෙන්න පුළුවන්නම්… මගේ උදව් කිරීමේ පරාසය තවත් වැඩිදියුණු කරන්න පුළුවන්නම්…
උත්තරය ‘‘පුළුවන්’’

Project Solutions | Introducting “Solution Box”
(Public Complaint Box)

මගේ බලාපොරොත්තුව මේ “Solution Box” එකක් සෑම ගමකම හෝ ග‍්‍රාම නිළධාරී කොට්ඨාශයකම හෝ වෙනත් පහසු විදිහකට පහසු ආකාරයට පිහිටවන්න. ගමේ වගකවයුතු පුද්ගලයෙක් මසකට වරක් මෙහි ඇති ගමේ අසරණ පවුල් වල ප‍්‍රශ්න ඇතුලත් ලිපි තැපෑලෙන් මා වෙත යොමු කරනවා. මම අකමැතිම කාරණය ලියුම් කියවීම සහ කඩදාසි භාවිතය වුණත් දැනට ගම් වලට මේ සඳහා විසඳුමක් ලබාදිය නොහැකි නිසා මේ ක‍්‍රමය යොදාගන්නවා. මෙයට දමන සෑම ලියුමක්ම ග‍්‍රාම නිළධාරී විසින් සහතික කර එවිය යුතුය. එවිට යම් දිනක මා මේ ගම යන විට ගමේ සම්බන්ධීකරන කටයුතු කරන පුද්ගලයා සමග ලැබී ඇති ලිපි පිළිබඳ සාකච්ඡා කර ඒවා සත්‍යනම් ඒවාට අවශ්‍ය ආධාරද රැගෙන මට ඒ ගමට සෙනෙහසේ චාරිකාවක් යන්න පුළුවන්. එවිට ගමේ ග‍්‍රාම නිළධාරී මහතාගේ සහයද මට ලැබේවි. ඔහු හරහා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සනාථ කිරීමේ ලිපියක්ද ලබාගත හැක.
සාමාන්‍ය සෙනෙහසේ චාරිකාවක් වගේම වුවත් මෙහිදී මා සූදානම් වී යාම එහි ඇති විශේෂත්වයයි.
මෙහි පළමුවෙනි අදියර මා අද බදුල්ල දිස්ත‍්‍රික්කයේ, හපුතලේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, දියතලාව, ඇල්ලගම ග‍්‍රාමයේ පළමුවෙනි “Solution Box” එක පිහිටුවනු ලැබුවා. ඔබ මේ දකින්නේ ගමේ අසරණ කාන්තාවක් විසින් එයට අයගේ දුක්ගැනවිල්ල ඇතුළත් කරන ආකාරයයි.
නමුත් මෙයට දමන සෑම ලිපියකටම අපට උදව් කරන්න බැහැ. මන්දයත් රෝදපුටු අවශ්‍ය අන්ත අසරණ දුප්පත් අය ගැන දැනුවත් කරන්න යැයි මා දැමූ පොස්ට් එකට අද වන විට ඇමතුම් 1000ට වැඩි ප‍්‍රමාණයක් ලැබී ඇත. නමුත් ඒ කිසිවෙක් අන්ත අසරණ දුප්පත් අය නෙවේ. මං ඒ ගැන පැහැදිලි කරන විට ඒ අය පවසන්නේ ‘‘ආ… මේ අපිනම් නැති බැරි අය නෙමේ.. අපිට තියෙනවා, නිකම් රෝදපුටු දෙනවා කියලා දාලා තිබ්බ නිසා කතාකලේ’’ යනුවෙනි… ඉතිං මාගේ වටිනා කාලය මං නාස්ති කරන්න කැමති නැහැ… ඒක නිසා මේ “Solution Box” එකට දමන ලිපි වලින් අන්ත අසරණ දුප්පත් අයගේ දැවෙන ප‍්‍රශ්න පමණක් සලකා බලා උදව් කිරීමට බලාපොරොත්තු වේ…
ඒවාගේම වෘත්තියෙන් පරිගණක මෘදුකාංග හා රොබෝ තාක්‍ෂණික උපාංග නිර්මාණය කරන මාගේ ඊලග අදියර වන්නේ මෙය ස්වයංක‍්‍රීය ටර්මිනලයක් බවට පත් කිරීමයි. මෙවැනි කඩදාසි පෙට්ටියක් වෙනුවට පරිගණක තිරයක් සහිත ටර්මිනලයක් සෑම ගමකම හෝ හැකි ප‍්‍රදේශ වල සවි කිරීමට බලාපොරොත්තු වේ. එය කෘතිම බුද්ධියක් මගින් පාලනය වන අතර සරළව කිවහොත් අන්තර්ජාලය හරහා වීඩියෝ ඇමතුමක් ලෙස පණිවිඩ එවිය හැකි උපාංගයකි. එයට සිංහල සහ දෙමළ භාෂාව හඳුනාගත හැකි අතර එයට ප‍්‍රශ්නය යොමු කිරීමෙන් පසු එහි ප‍්‍රශ්න තෝරාගැනීමේ පද්ධතිය හරහා අපට උදව් කල හැකි ප‍්‍රශ්න පමණක් තෝරා මා වෙත වීඩියෝ පණිවිඩයක් ලෙස එවනු ලබයි. එයට අපි හැකි ඉක්මනින් විසඳුමක් ලබාදෙන බවද ඒ අවස්ථාවේම ඒ පුද්ගලයාට දැනුම් දෙනු ලැබේ. එය අපගේ උදව් කිරීමේ කාණ්ඩයට ඇතුළත් නොවන ප‍්‍රශ්නයක් නම් එම මොහොතේම ‘‘සමාවන්න, ඔබගේ ප‍්‍රශ්නයට අපගේ ආයතනය හරහා උදව් කල නොහැක’’ යන්න පවසාවි.

An automated Complaint Reporting Terminal which uses Artificial Intelligence Technology to Select the right problems and report it to me while intelligently discarding the rest of Complaints. This will be done basically via a VOIP system (Soft Phone) operated by an Artificial Intelligent Program. The Terminal can understand both Sinhala & Tamil languages.

If I can build this Software, වැරදුනා… මං මේ සොෆ්ට්වෙයාර් එක හදලා ඉවරවුනහම එක ටර්මිනල් එකකට යන්නේ රු.10,000ක් වැනි මුදලක්… හැබැයි ඉතිං ටර්මිනල් වලට වියදම් කරන්න අවශ්‍යත් නැහැ එය කෙලින්ම PABX System එකකට යොමුකරන්න පුළුවන්නම් කෙනෙක්ට තියෙන්නේ දුරකතන ඇමතුමක් දීලා ස්වයිංක‍්‍රීය ඇමතුම් පද්ධතියට ඔවුන්ගේ ප‍්‍රශ්න යොමු කරන එක. එතකොට අපට තියෙන්නේ ගමේ පෝස්ටරයක් අලවන එක විතරයි.
ඔන්න මං ඒ වැඩසටහනේ බීටා ටෙස්ට් එකත් දැන් කරනවා. ඔබගේ ප‍්‍රශ්න වලට මා පිළිතුරු නොදී ප‍්‍රශ්න පමණක් මා වෙතට යොමු කරන්න පහත ක‍්‍රමය භාවිතා කරන්න.
තරු සළකුණ (*) සහ 0703366488 දුරකතන අංකය ඇතුළත් කර ඇමතුමක් ගන්න. උපදෙස් පිළිපදින්න.
eg : *0703366488 > Dial

Photographs used for Promotional Purposes Only!

ප‍්‍රශ්නේ ලංකාවේ කොහේ වුනත්, DIAL කරන්න 0703366488 (One Call | Does All)