loader image
Select Page

පසුගිය සතියේ අම්පාර, මහඔය සෙනෙහසේ චාරිකාවේදී මුණගැහුණ මේ පවුලට අද (ජනවාරි 23) අපි විදුලි ආලෝකය ලබාදුන්නා. මේ සඳහා මූල්‍ය දායකත්වය දැක්වූයේ Kumari Wijesinghe අක්කා සහ Chandima Lankani Kumarapperuma අක්කා.
මේ පවුලේ දරුවෝ 5 දෙනෙක් ඉන්නවා. ඉන් දරුවෝ 4 දෙනෙක් පාසල් යනවා. පියා කුළී වැඩ කරලා තමයි දරු පවුල රැකගන්නේ. ගොඩක් අසරණ පවුලක්.
ගෙදරට දොරවල් නැහැ, ගඩොල් ටිකක් මත පොඩි වහලයක් ගහලා තියෙන්නේ.
දැන් මේ දරුවන්ට කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන්න ඕන නැහැ. ආරක්ෂාව තියෙනවා.
මෙහිදී අපි විශේෂයෙන්ම සැකසූ සමාජසත්කාර Study Light එකක් සහ නිවසට අමතර LED බල්බ් දෙකක් ඔවුන්ගේ අවශ්‍යතාවය පරිදි සවිකලා. මෙහි ජංගම දුරකතන චාර්ජ් කිරීමේ පහසුකමද තිබෙනවා.
අද මේ පවුල ගොඩක් සතුටෙන් ඉන්නේ. ගොඩක් පිං දුන්නා. ඒ පින ඔයාලා දෙන්නටයි අක්කා. කුමාරි අක්කටත් මෙයට සම්බන්ධ වෙන්න පුළුවන්කමක් ලැබුණු එක ගැන සතුටුයි.