loader image
Select Page

Kavindu De Costa මිතුරාට අවශ්‍ය වුණා අසරණ ආබාධිත වැඩිහිටියෙක්ට පිහිට වෙන්න. ඉතිං අපි සති කිහිපයකට කලින් මැදවච්චිය, ඇටඹගස්කඩ ඉන්න අවුරුදු 75ක් වයසැති ජී. කලුහාමි අම්මට රෝද පුටුවක් පරිත්‍යාග කලා. ඇය වැටිලා උකුල් ඇටය කැඩිලා දැන් අවුරුදු 12ක් තිස්සේ එක්තැන් වෙලා ඉන්නේ. ඒත් ඒ අම්මට වැසිකිළියටවත් යාගන්න අපහසු නිසා කොමඩ් එකක් සහිත රෝද පුටුවක් අවශ්‍ය වුණා. එම නිසා අපි වෙනත් දායකයකු මාර්ගයෙන් ඒ අම්මාට නව රෝද පුටුවක් පරිත්‍යාග කර ඒ අම්මාට පරිත්‍යාග කල රෝද පුටුව නැවතත් වෙන අම්මා කෙනෙක්ට පරිත්‍යාග කලා.

මේ අම්මගේ නම ඩබ්ලිව්. සීලවතී. වයස අවුරුදු 80යි. අංශභාගය හැදිලා ඉන්නේ. ඇටවීරගොල්ලෑව, පාඩිග්ගම කියන ගමේ ඉන්නේ. ගොඩක් අසරණ අම්මා කෙනෙක්. ඒ අම්මා සහ දරුවන් නොසෑහෙන්න පිං දුන්නා. සතුටට ඇඬුවා ඒ අම්මා…

මෙලෙස අසරණ වී සිටින අයෙක් වෙනුවෙන් රෝදපුටුවක් පරිත්‍යාග කරමින් මේ රැස් කරගත්තාවූ කුසලයේ ආනිසංසයන් ඔබටත් පවුලේ අනෙක් සියලුම දෙනාටත් නිදුක් නීරෝගී වාසනාවන්ත දිවියක් උදා වේවා…. සතුට සැනසුම සෞභාග්‍යය නිරන්තරයෙන්ම ඔබ සැමගේ ජීවිත වලට ලැබේවා…. කරන කියන කටයුතු සියල්ලක්මත් පතන පැතුමන් සියල්ලක්මත් ඒ අයුරින්ම ඉටු වේවා… මේ පුණ්‍ය කර්මය නිර්වාණ සම්පත්තියටද හේතු වාසනා වේවා.

මේ පිංකමට ශ්‍රම දායකත්වය දැක්වූ ලහිරු මල්ලීටත් බොහොමත්ම පිං.

Donor : Kavindu De Costa (Manela Karunadasa)
Project ID : 2019-JAN-0037