loader image
Select Page

Pragash අයියාගේ ආදරණීය පියාණන්, සෝමසුන්දරම් මහතා මෙලොවින් සමුඅරන් වසරක් පිරීම නිමිත්තෙන් අපි මේ අසරණ ආබාධිත අයියාට රෝදපුටුවක් පරිත්‍යාග කලා.

ඔහුගේ නම අරුලානන්ද ගේබ්‍රියල්, වයස අවුරුදු 37යි. පොඩි කාලේ ඉඳන්ම ඔහු ආබාධිතයි. අම්මයි තාත්තයි මුරුක්කු හදනවා. ඔහුත් ආබාධිතයි කියලා නිකන් ඉන්නේ නැහැ. පොල්කටු වලින් විවිධ විසිතුරු දේවල් නිර්මාණය කරලා විකුණනවා. අන්කඩවත්ත, පත්බෙරිය, පරකඩුව ලිපිනයේ තමයි මොහු ජීවත් වෙන්නේ. ඔහු සහ අම්මා නොසෑහෙන්න පිං දුන්නා මේ කලාවූ සත්කාරයට.

අපගේ සමාජසත්කාර.lk HOPE (One Call | Does All) Hotline එකට ලැබුණු ඇමතුමකට ප්‍රතිචාර ලෙසට තමයි අපි මොහු සොයාගෙන ගියේ.

මේ කලාවූ කුසලකර්මයේ බලමහිමයෙන් ඔබේ තාත්තාට නැවතත් මෙවන් අකල් මරණයක් මේ සසරේදී ඇති නොවේවා. එමෙන්ම එතුමා දුක් ඇති ආත්මයක ඉපදී ඇත්නම් සැපවත් ආත්මයක ඉපදීමටත්, සැපවත් ආත්මයක ඉපදී ඇත්නම් ඒ සැප වඩ වඩාත් වැඩි දියුණු වීමටත්, කෙලවර උතුම් වූ නිර්වාණ සම්පත්තිය අවබෝධ කරගැනීමටත් හේතු වාසනා වේවා…

Chamara Arunoda (ශමන්ති රවින්ද්‍රා) අක්කටත්/අයියටත් බොහොම පිං මේ පිංකමට ප්‍රගාශ් අයියට මග පෙන්නුවට. ඔබ සැමට තව තවත් මේ වගේ පිංකම් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා… ඔබ නිදුක් නීරෝගීව දිගුකල් ජීවත්වේවා. උපදිනා සෑම ආත්මයකම කිසිදු ලෙඩක් දුකක් ඇති නොවේවා… තෙරුවණ් සරණයි !

Location : පරකඩුව, රත්නපුර දිස්ත්‍රික්කය