loader image
Select Page

සමාජසත්කාර කණ්ඩායමේ අපේ සහෝදර සහෝදරියනුත් මේ උතුම් පරිත්‍යාගය වෙනුවෙන් ඉදිරිපත් උනා. මීට පෙර ලේ පරිත්‍යාග කරලා තිබුන අය වගේම පලමු වතාවට හිතවත්කම 4 ලේ දන් දීමේ වැඩසටහනේදී ලේ පරිත්‍යාග කරපු අයත් හිටියා. බර අඩුකම නිසා ලේ දෙන්න බැරි උන අපේ කට්ටිය ලබන වසරේ බර වැඩි කරන් ලේ දෙන්න අධිෂ්ඨාන කරගත්තා. ලේ දීලත් පාඩුවේ හිටියේ නම් නැහැ. ලේ දුන්න අපේ අය ආපහු වැඩට බැහැලා වැඩසටහන වෙනුවෙන් උදව් කරා. හැබැයි ඒ අය වෙනුවෙන් විශේෂ සැලකිල්ලක් දක්වන්න කණ්ඩායමේ අනිත් අයත් ගොඩාක් උනන්දු උනා. මේ අයටත් රුධිර දායකයෙක් විදිහට සහතිකපත් ලබන්නත් අවස්ථාව උදා උනා.