loader image
Select Page
අත් පා සතරම අහිමි ආබාධිත තරුණයාට ස්වයංරැකියාවක් ලබාදුන් ෆේස්බුක් මිතුරෝ | Project ජීවනාලෝක (නාච්චදූව) – Family 05

අත් පා සතරම අහිමි ආබාධිත තරුණයාට ස්වයංරැකියාවක් ලබාදුන් ෆේස්බුක් මිතුරෝ | Project ජීවනාලෝක (නාච්චදූව) – Family 05

මේ ඉන්නේ ආර්.ජී ජයලත් (23) උපතින්ම ආබාධිතයි. අත්පා සතරම නැහැ. ඉන්නේ අනුරාධපුර කාවරක්කුලම, ගල්කුලම කියන ප්‍රදේශයේ. පවුලේ අම්මයි, තාත්තයි, ආච්චියි, අයියයි, නංගිලා දෙන්නයි (ශාලිකා – 6 වසර, තක්ශිලා – 13 වසර) ඉන්නේ. ලොකු පුතා කුලී වැඩ කරනවා, අම්මා හේන් වල වැඩට යනවා. ඒ ලැබෙන සොච්චමෙන් තමා මේ හැමෝම ජීවත් වෙන්නේ. තාත්තටත් රැකියාවක් කරගන්න බෑ. උකුල් ඇටේ දිරලලු. ඇස් පේනවත් අඩුයි. මේ අසරණ තරුණයාට ජීවිතේ තවත් විඳවන්න නොදී නැගිටින්න අපි උදව් කරන්න ඕන… ඒ පවුල රැකගන්න මේ තරුණයාට සවියක් වෙන එක අපේ යුතුකම.

සතියකට දෙකකට කන්න කෑම ටිකක් දීලා වැඩක් නැති නිසා අපි තීරණය කලා මේ අයට ස්වයංරැකියාවකට සහය දක්වන්න. පාර අයිනේම ගෙදර තිබෙන නිසා වෙළඳාමක් කරන එකත් පහසුයි.

ඉතිං අපි මේ අයට පළවෙනි පියවර ලෙස නිමි ඇඳුම් අලෙවි කරන ස්වයංරැකියාවක් ලබාදුන්නා. උදව් කල ඔබට ඔහු නොසෑහෙන්න පිං දුන්නා…

Project Code : 2017-A-0045

සිඟිති දියණියගේ උපන්දිනය වෙනුවෙන් පුංචි පුතෙකුගේ නෙත් පෑදූ ෆේස්බුක් මිතුරිය

සිඟිති දියණියගේ උපන්දිනය වෙනුවෙන් පුංචි පුතෙකුගේ නෙත් පෑදූ ෆේස්බුක් මිතුරිය

ෆේස්බුක් මිතුරියක් වන Jayani Madhi Prasadika අක්කා විසින් ඇගේ සිඟිති දියණිය Dinuli Thisathna Premathilaka ගේ තුන්වන උපන්දිනය වෙනුවෙන් (2017) පාසල් යන වයසේ පුතෙකුට ඇස් කණ්ණාඩි ලබා දුන්නා. වයස අවුරුදු 7 ක් වයස ගීනුක පුතා ඉන්නේ දියතලාවේ. මේ පුතාගේ ඇස් පෙනීමේ දුර්වලතාවයක් තිබෙන බව හඳුනාගැනීමෙන් පසු වෛද්‍යවරයෙක් ලවා පරික්ෂා කොට සුදුසු කාච තීරණය කිරීම සිදු කළා. ඇස් කණ්නාඩිය සෑදීමට භාරදී දරුවාට එය ලබාදීමට සති කිහිපයක් ගතවුණා. ඒ ඇස් කණ්නාඩිය දරුවාට ලබාදීමෙන් පසු ගීනුක පුතා ගොඩක් සතුටු වුණා. ඔහුට දැන් පැහැදිලිව අකුරු පෙනෙන බව ඔහු පැවසුවේ ඉතාමත් සතුටෙන්…

ඉතින් මේ පුතා වෙනුවෙන් ඒ වියදම් සියල්ල දරා තමන්ගේම දරුවකු සේ සිතා මේ දරුවාගේ අවශ්‍යතාව වෙනුවෙන් පිහිට වූ ඔබට එම පුතුගෙත් දෙමාපියන්ගේත් කෘතවේදිත්වය හිමි වනවා. පාසල් යන වයසේ ඉන්න මේ පුතාට පැහැදිළි ලෙස පොත්පත් කියවීමට ලැබෙන්නේ පැහැදිළි දෘෂ්ටිකත්වය තිබීමෙන් පමණයි. දැන් ඉතා පැහැදිළිව අකුරු කියවීමට හැකි වන නිසාත් අපහසුවකින් තොරව පාඩම් කටයුතු සිදු කළ හැකි නිසාත් මේ පුතුට ඉතාමත් හොඳින් අධ්‍යාපන කටයුතු සිදුකළ හැකි වනවා. මේ සියළු වරප්‍රසාද ඔහුට හිමි උනේ ඔබේ සෙනෙහෙවන්ත පරිත්‍යාගය නිසාවෙනියි. ඔබට හැකි අයුරින් මෙය දායක වී මෙම කටයුත්ත ගීනුක පුතා වෙනුවෙන් සිදු කිරීමට ඉදිරිපත් වීම සැබැවින්ම අගය කළ යුතුයි.

දරුවකුගේ දෙනෙත් පාදා අනාගතය එළි කර මෙසේ රැස් කරගත්තාවූ කුසලයේ ආනුභාවයෙන් ඔබේ සිඟිති දියණිය Dinuli Thisathna Premathilaka හට කිසිදි ලෙඩ දුක් රෝග පීඩාවක් නොම වේවා…. නිදුක් නීරෝගී සුවය උදා වේවා…. ඇගේ අනාගතය මෙන්ම යම් කලෙක අධ්‍යාපනය ද සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…. එසේම දියණිය වෙනුවෙන් මෙවන් කටයුත්තක් සිදුකළ ඔබටත් ඔබේ පවුලේ සෑම සියළු දෙනාටත් නිදුක් නීරෝගී සුවය උදා වේවා…. ලෙඩ දුක් රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වේවා… කරන කියන කටයුතු සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…. සතුට සැනසුම සෞභාග්‍යය නිරතුරුවම උදා වේවා…. දරුවකුගේ දෙනෙක්ත් පෑදූ පිනෙන් ඔබ සැමගේ ජීවිත නිරන්තරයෙන්ම ආලෝකමත් වේවා….

අසරණ දරුවන්ට පාසල් උපකරණ ලබා දෙමින් දියණියගේ උපන්දිනයට ආශිර්වාද එක් කෙරූ මව

අසරණ දරුවන්ට පාසල් උපකරණ ලබා දෙමින් දියණියගේ උපන්දිනයට ආශිර්වාද එක් කෙරූ මව

ෆේස්බුක් මිතුරියක් වන Kasun Piyumi විසින් ඇගේ දියණිය Sanaya Dulandee ගෙ උපන්දිනය වෙනුවෙන් දුෂ්කර ගම්වල වෙසෙන දරුවන්ට පාසල් උපකරණ කට්ටල පරිත්‍යාග කර දියණියට ආශිර්වාද පැතීමට කටයුතු කළා. ඒ අනුව සෙනෙහසේ චාරිකාවේදී හමු වුන අතිශයින්ම අසරණ පවුල් වල දරුවන්ට මෙසේ පාසල් උපකරණ කට්ටල පරිත්‍යාග කරනු ලැබුවා. අධ්‍යාපන තුළින් හෝ මේ දරුවන්ගේ ජීවිත වල තියෙන අසරණ බවින් මිදෙන්නට නම් හරි හැටි අධ්‍යාපනය ලබන්නට පොත පත හෝ ඔවුනට ලැබිය යුතු වනවා. නමුත් ඒ වෙනුවෙන් වියදම් කරන්නට මිල මුදල් ඔවුන් සතුව නැහැ. මේ දරුවන්ගේ දෙමාපියන් මත පැටවී ඇති ජීවිතේ බරත් එක්ක එවැන්නක් වෙනුවෙන් මුදල් යොදවන්නය හැකියාවක් ඔවුනට නැහැ.

ඉතින් එවන් වූ දරුවන් වෙනුවෙනුයි අපට ඇති මුදලින් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු මැනවින් ඉටු කරගැනීම උදෙසා අළුත් පොත්පත් හා අනෙකුත් පාසල් උපකරණ අඩංගු කට්ටලයක් තිළිණ කරන්නට යෙදුනේ. තම දියණිය වෙනුවෙන් මෙවැන්නක් සිදු කරමින් තවත් දරුවකුගේ අධ්‍යාපනය වෙනුවෙන් සවියක් වීමට සිතීම තුළින් ඔබ ගුණවත් නැණවත් පින්වන්ත මවක් බව මනාව පසක් වනවා. දහස් ගණනින් වියදම් කොට ලබා දිය නොහැකි ඉතා වටිනා තිළිණයක් ඔබ අද ඔබේ දියණියට ලබා දී තිබෙනවා.

ඉතින් මේ පුංචි මල් කැකුළු වලට අනාගතය ජය ගන්න නිසි පරිදි අධ්‍යාපනය ලබන්නට අද දවසේ ඔබ විසින් දැක්වූ මෙම සහයෝගය හේතු කොටගෙන රැස් කරගත්තාවූ කුසලානිසංසයන්ගේ බලයෙන් ඔබේ දියණියගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා… යසසින් නැණ නුවනින් ධාරණ ශක්තියෙන් වැඩෙත්වා…. කරන කියන සෑම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…. මෙවන් කටයුත්තක් සිදු කළ ඔබටත් ඔබේ පවුලේ සෑම සියළු දෙනාටත් උපන්දිනය සමරන ඔබේ ආදරණීය දියණියටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා…. කිසිදු කාය චිත්‍ත පීඩාවක් නොම වේවා… සතුට සැනසුම සෞභාග්‍යය උදා වේවා…. සිතන පතන යම් පැතුමක් වේ නම් ඒ සියල්ල සිතන පතන අයුරින්ම ඉටු වේවා… උතුම් තුනුරුවනේ ආශිර්වාද බලයෙන් ඔබ සැමගේ ජීවිත වාසනාවන්ත වේවා….

හිතවත්කමේ උතුම් ගුණයෙන් පිරිපුන් රුධිර දායක දායිකාවන් (Part 07)

හිතවත්කමේ උතුම් ගුණයෙන් පිරිපුන් රුධිර දායක දායිකාවන් (Part 07)

ලේ පරිත්‍යාග කළ හැම කෙනෙකුටම සමාජසත්කාර වෙතින් පිදෙන සහතිකපතක් ලබා දුන්නා. ක්ෂණිකව එම මොහොතේම ඔවුන්ගේ නමට මුද්‍රිත සහතිකපතක් නිකුත් කරන්නට අප කණ්ඩායමේ හැම කෙනෙක්ම සහය ලබා දුන්නා. තමන් ඉතා වටිනා සේවයක් සිදු කළ උතුම් රුධිර දායකයෙක් වග සහතිකපත් ලැබූ සැමටම එය දුටු විගස හදවතටම දැනුන බව අපට විශ්වාසයි.

මහරගම පිළිකා රෝගීන් උදෙසා පැවැත්වූ “හිතවත්කම 4” ලේ දන් දීමේ කඳවුර (Part 04 – රුධිරය පරිත්‍යාග කිරීම)

මහරගම පිළිකා රෝගීන් උදෙසා පැවැත්වූ “හිතවත්කම 4” ලේ දන් දීමේ කඳවුර (Part 04 – රුධිරය පරිත්‍යාග කිරීම)

සමාජසත්කාර පදනම විසින් 4 වන වරටත් සංවිධානය කෙරූ මෙම ලේ දන් දීමේ උතුම් කටයුත්ත ඊයේ දිනයේදී සාර්ථක ලෙස අවසන් උනා. පෙර දිනයේ අවශ්‍ය සියළුම දෑ සූදනම් කර අවසන් උනේ පාන්දර 2 ට පමණ. සියල්ල අවසානයේ උදෑසන අවදි වූ අප වහා සුදානම් වී පිටත් උනා. අවශ්‍ය වේලවටම අපගේ කණ්ඩායම නියෝජනය කරමින් Shalika N Digoarachchi, Buddi Weerakoon, Mandodhari Ramanayake, Isuru Sri Bandara, Danushka Pathirana, Dhanushka Rangana, Lahiru Darshana, Chathura Sanjeewa යන සොයුරු සොයුරියන් එතැනට පැමිණියා.

කණ්ඩායමේ හැමෝගේම සහයෝගයෙන් පූර්ව සූදානම් කටයුතු සියල්ලක්ම ඉතාමත් ඉක්මනින් අවසන් කරන්නට අපට හැකි උනා. පසුව සාම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දල්වා වැඩ කටයුතු ආරම්භ කරනු ලැබුවා. ලේ දන් දීමට පැමිණෙන පිරිස් සමාජසත්කාර කණ්ඩායම විසින් ලියාපදිංචි කළ අතර ලේ දුන් පසු සහතික පත් ද ලබා දුන්නා. ලේ ලබා දුන් සෑම අයෙකුටම ආහාර වේලක් ද ලබා දුන්නා. පවුලේ කෙනෙක් මෙන් ඔවුනට සමීප වන්නට තරම් අපගේ කණ්ඩායමේ හැම කෙනෙක්ම බොහෝමත්ම සෙනෙහෙබර උනා.

කිසිදු තිළිණයක් බලාපොරොත්තු නොවී යන එන ගමන් ලේ ටිකක් දීලා යන්න ගොඩවැදුන මේ හිත් හරි සුන්දරයි. ඇතැම් අම්මලා තාත්තලා ලේ දෙන්න ගිය වග දරුවෝ දන්නේ කෝල් කරලා ඉන්නෙ කොහෙද ඇහුවම. මහළු තරුණ වයස් භේදයකින් තොරව හැම කෙනෙක්ම වගේ ලේ දෙන්න ආසාවෙන් එතනට ආවා. ලෝබ නැතුව ඇඟ පුරා දුවන ලේ වලින් ටිකක් මෙහෙම දීලා යන්න තරම් ශක්තිමත් හිත් ගොඩක් අපට ඊයේ මුණගැහුණා.

ලේ ලබා දුන් සැමටම මෙන්ම රෝහල් කාර්‍ය මණ්ඩලය වෙනුවෙනුත් රසවත් ආහාර වේලක් අපි ලබා දුන්නා. අපගේ කණ්ඩායමේ සුහදශීලී බව මෙන්ම සෙනෙහෙබර බව නිසාම ලේ දන් දුන් හැම කෙනෙක්ම ආපසු යද්දි ගිහින් එන්නම් කියලා යන්න නම් අමතක කලේ නෑ.

පැයක් වෙනුවෙන් හෝ බලාපොරොත්තු පිරි දෑසින් බලා සිටින ජීවිතය අයදින ඔවුන් වෙනුවෙන් සිදු කෙරෙන මෙම උතුම් කටයුත්ත සඳහා සහයෝගය මෙන්ම දායකත්වය ලබා දුන් ඔබ සැමටම අප බොහෝමත්ම ස්තූතිවන්ත වනවා.