loader image
Select Page

මාගේ ෆේස්බුක් මිතුරෙක් වන Waruna Masinghe අයියත් ඔහුගේ මිතුරන් වන Ranga Kalupahana සහ Udayanga Vitharana (Batch mates from engineering faculty මොරටුව) එකතුව පිංකමක් කලා. ඒ තමයි ආබාධිත කාන්තාවකට රෝද පුටුවක් පරිත්‍යාග කිරීම.

වයස අවුරුදු 41ක් වන නිලූකා කුමාරි නමැති මැය හදිසියේ ඇතිවූ අංශභාග තත්වයක් නිසා එක්තැන් වෙලා. ඡායාරූප වල ඇය සමඟ සිටින්නේ ඇයගේ ස්වාමිපුරුෂයා. ඔහු තමයි ඇයව බලාගන්නේ. වයස අවුරුදු 20ක පමණ පුතෙකුත් ඉන්නවා. ඇටවීරගොල්ලෑව, හිරල්ලුගම කියන ගමේ ඉන්නේ. අසරණ පවුලක්.

ඔවුන් නොසෑහෙන්න පිං දුන්න. ඒ හැම ආශිර්වාදයකම හිමිකරුවන් ඔබ තිදෙනායි.

වරුණ අයියා මේ පරිත්‍යාගය කලේ වාද්දුව මාවල පදින්චිව සිටි කරොලිස් මහතාට පින් පිණිස. මේ පිං බලෙන් ඔහු දුක් ඇති ආත්මයක ඉපදී ඇත්නම් සැපවත් ආත්මයක ඉපදීමටත්, සැපවත් ආත්මයක ඉපදී ඇත්නම් ඒ සැප වඩ වඩාත් වැඩි දියුණු වීමටත් හේතු වාසනා වේවා.

අසරණ වී සිටින අයෙක් වෙනුවෙන් රෝදපුටුවක් පරිත්‍යාග කරමින් මේ රැස් කරගත්තාවූ කුසලයේ ආනිසංසයන් ඔබ තිදෙනාගේ දෙමාපියන්ටත් පවුලේ අනෙක් සියලුම දෙනාටත් නිදුක් නීරෝගී වාසනාවන්ත දිවියක් උදා වේවා…. සතුට සැනසුම සෞභාග්‍යය නිරන්තරයෙන්ම ඔබ සැමගේ ජීවිත වලට ලැබේවා…. කරන කියන කටයුතු සියල්ලක්මත් පතන පැතුමන් සියල්ලක්මත් ඒ අයුරින්ම ඉටු වේවා….

මේ පිංකමට ශ්‍රම දායකත්වය දැක්වූ ලහිරු මල්ලීටත් බොහොමත්ම පිං.

Donor : Waruna Masinghe, Ranga Kalupahana, Udayanga Vitharana
Project ID : 2019-MAR-0092