පසුගිය සතියේ සුජානි අක්කගේ ලොකු අම්මා, ඩී. ජී. පත්මිණී මහත්මිය මෙලොවින් සමුගත්තා. ඇයට පිං පිණිස අක්කා මගෙන් ඉල්ලා සිටියා පිංකමක් කරන්න කියා. ඉතිං අපි
මරදන්කඩවල, ඇතිනිවැටුණුවැව ශ්‍රී වර්ධනාරාමය පන්සලට ලීටර් 500 ජල ටැංකි 2ක් පූජා කලා. පන්සලේ විහාරාධිපති ස්වාමීන්වහන්සේ අපිට කීවා පළවෙනි වතාව කියලා මේ කෙනෙක් පිටින් ඇවිත් උදව් කලේ කියලා. ගොඩක් අඩු පහසුකම් සහිත පන්සලක්.
ලොකු අම්මාගේ අභාවය ගැන අපි උන්වහන්සේට කීවා. ඒත් එක්කම අපි ඔයාගේ ඡායාරූපයක් පවා ස්වාමීන්වහන්සේට පෙන්වූවා, ඔයාගේ අවශ්‍යතාවයත් උන්වහන්සේට මතක් කලා. උන්වහන්සේ පුණ්‍යානුමෝදනාවක් කලා.
පරලෝ සැපත් ඩී.ජී. පත්මිණී මහත්මිය දුක් ඇති ආත්මයක ඉපදී ඇත්නම් සැපවත් ආත්මයක ඉපදීමටත්, සැපවත් ආත්මයක ඉපදී ඇත්නම් ඒ සැප වඩ වඩාත් වැඩි දියුණු වීමටත්, කෙලවර උතුම් වූ නිර්වාණ සම්පත්තිය අවබෝධ කරගැනීමටත් හේතු වාසනා වේවා…