loader image
Select Page

ඔබට මතකද ඔබ පුංචි කාලේ මුලින්ම බයිසිකලයක් ලැබුන දවස, ඒ වෙනුවෙන් බලාපොරොත්තු තියන් හිටපු කාලය, මවපු හීන වගේම බයිසිකලය ලැබුනම හිතට දැනුන සතුට. මේ හීනය ඕනම පුංචි දරුවෙක් ලඟ තියෙනවා. බයිසිකලයක නැඟලා සෙල්ලම් කරන්න ලැබුනම දරුවෙක්ගේ සතුට ඔයාලා දැකලා ඇති. පුංචි කාලේ ඔයාලා විඳපු ඒ සතුට විඳින්න බැරි දරුවො ගොඩක් අපේ රටේ ඉන්නවා. නමුත් බයිසිකලයක් අරන් දෙන්න ඒ දරුවන්ගේ දෙමාපියන්ට පුළුවන්කමක් නැහැ. ආසාව තිබ්බත් නොලැබෙන බයිසිකලයක් දිහා බලලා දුක් වෙනවා ඇරෙන්න මේ දරුවන්ට කරන්න දෙයකුත් නෑ. ඉතින් අපිට පුළුවන් නම් මේ දරුවොත් අපේම දරුවෙක් කියලා හිතලා මේ අහිංසක ආසාව ඉෂ්ඨ කරලා දෙන්න මොනතරම් නම් වටිනවද ඒක.

මේ ඒ වගේ දරුවකුගේ හීනය සැබෑ කරමින් ට්‍රයිසිකලයක් පරිත්‍යාග කළ ෆේස්බුක් මිතුරෙක්. ඔහු විසින් තවත් මිතුරෙක් සමඟ සහයෝගයෙන් එක්ව සිදු කරගෙන යන ව්‍යාපාරයටත් පවුල් වල සෑම දෙනාටත් සෙත් පතා දරුවෙක් වෙනුවෙන් මෙසේ ට්‍රයිසිකලයක් පරිත්‍යාග කරනු ලැබුවා.

මෙවන් කුසලයක් සිදු කළ Amal Chamara මිතුරාටත් නම සඳහන් කිරීමට නොහැකි නමුත් මෑතකදී ආරම්භ කෙරූ Manahara Lanka Tours ව්‍යාපාර හවුල්කරු වන ඔබේ මිතුරාටත් මෙය ආශිර්වාදයක්ම වේවා… ඔබ දෙපළ ව්සින් මෑතකදී ආරම්භ කෙරූ මෙම ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත් වේවා… කරන කියන සෑම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…. ඔබේ මිතුරාටත් ඔහුගේ පවුලේ සෑම දෙනාටත් මේ කුසලයේ ආනුභාවයෙන් නිදුක් නීරෝගී සුවය සතුට සැනසුම වාසනාව සෞභාග්‍යය උදා වේවා…. සිතන පතන පැතුමන් සියල්ලක්ම ඒ අයුරින්න ඉටු වේවා….

එසේම Amal Chamara මිතුරාගේ දයාබර බිරිඳ Niroshi Rubasinghe මහත්මියටත්, Vajira Chandanee නැඟණියටත් ඇගේ දරුවාටත්, Rubasinghe Chamee දයාබර බිරිඳගේ වැඩිමල් සොයුරියටත් ඇගේ දරුවාටත්, ඔබගේ පවුලේ දරුවන් බලාපොරොත්තුවෙන් සිටින්නාවූ සෑම දෙනාටත් මෙය ආශිර්වාදයක්ම වේවා… නිදුක් නීරෝගී සුවය ඔවුන් සෑම දෙනාටම උදා වේවා… සතුට සැනසුම සෞභාග්‍යය නිරතුරුවම රැඳේවා….ඔබ සෑම සියළු දෙනාගේම ජීවිත සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා… අවසානයේ උතුම් වූ නිර්වාණාවබෝධය පිණිසම මෙම කුසලය හේතු වේවා….

මෙම පිංකමට මාගේ සහෝදරිය Nilanthi Edirisooriya ශ්‍රම දායකත්වය දැක්වූවා.