loader image
Select Page

ලංකාව පුරා ඇති අනාරක්ෂිත රේල් ගේට්ටු හේතුවෙන් නිතර අහිමි වන මිනිස් ජීවිත ගැන ඔබ කොතෙකුත් කම්පා වී ඇත්ද. නමුත් එවන් රේල් ගේට්ටු අසළ ආරක්ෂාව වෙනුවෙන් කැපවෙමින් ජීවන අරගලය සමඟින්ද සටන් වදින මිනිසුන් ගැන ඔබ අසා තිබේද?
මේ ඉන්නේ S.P.D. කුසුමාවතී මහත්මිය. ඇය ඇගේ දියණියත් ස්වාමිපුරුෂයාත් සමඟින් ජීවත් වෙන්නෙ බලගල්ලවත්ත පිහිටා ඇති මෙම අනාරක්ෂිත රේල් ගේට්ටුව පාලනය කිරීම වෙනුවෙන් ගම්වාසීන්ගෙන් දිනකට ලැබෙන රු. 250 න්. මේ මුදල ගමේ මිනිසුන් එක්ව ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් කෘතගුණ සැලකීමක් වශයෙන් ලබා දෙන්නක්. නමුත් ඇතැම් විට මේ මුදල ලබා නොදෙන පිරිස් පවා ගමේ සිටිනවා. තව සති 2කින් පමණ රජයෙන් මෙම රේල් ගේට්ටුව ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමට සකස් කිරීමට කටයුතු කරන නිසා මේ ‍රාජකාරිය එක්කම ආදායමත් ඔවුනට අහිමි වෙනවා.

මේ පවුල ජීවත් වෙන්නෙ කුමන අයුරකින්වත් ආවරණය නොකෙරූ බ්ලොක් ගල් බිත්ති වලින් වටවූ නිවසක. වහලයක් පවා හරි හැටි නැහැ. දොරක් ජනේලයක් ඇත්තේම නැහැ. දියණියගේ ආරක්ෂාව ගැන සිතා කුසුමාවතී මහත්මිය ඈ තමා අසළින්ම තබා ගන්නට විමසිලිමත් වනවා. ඇගේ ස්වාමිපුරුෂයා මීට වසර 5 කට ඉහතදී පොල් ගසකින් වැටී ඇති වූ ආබාධ හේතුවෙන් කුලී වැඩක්වත් කරන්නට හැකියාවක් නොමැතිවයි ඉන්නෙ. ඒ නිසාම ඔහු දවස පුරාවට රේල් ගේට්ටුව පාලනය කිරීම සිදු කරනවා. ඒ අතරේ මැය රේල් ගේට්ටුව අසළ තැඹිලි විකුණා යම් ආදායමක් ලබා ගන්නවා. ඉන් ලැබෙන මුදල දියණියගේ ආදායම වෙනුවෙන් ප්‍රමාණවත් නැති නිසා කොළකැඳ සහ වඩේ සාදා විකුණා ආදායමක් ලබාගන්නත් ඇය බලාපොරොත්තුවෙන් ඉන්නවා.

දියණිය චන්දිමා කුමාරි දිසානායක මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට සිටිනවා. ඇය ඉගෙනීමට බොහෝමත්ම දක්ෂයි. හැම පාඩම් වැඩක්ම තනිවම ඉගෙන ගන්නෙ. පන්තියේ වැඩිම ලකුණු ලබාගන්න දරුවන් අතරේ ඉන්න ඇය ගැන ගුරුවරුන් පවා දක්වන්නෙ ඉතා ලැදිකමක්. ඇය කෙසේ හෝ අධ්‍යාපනයෙන් ඉහළට රැගෙන යාම කුසුමාවතී මහත්මියගේ එකම පැතුමයි. දියණියගේ හැකියාව ගැන ඈ කතා කරන හැම මොහොතකම මව් සෙනෙහසේ කඳුළින් ඇගේ දෙනෙත් තෙත් උන බව අපි දැක්කා.

මේ රේල් ගේට්ටුවෙන් ඔබ මම යන්නට පුළුවන්, මේ රේල් පාර මත දුවන යකඩ යකෙක් තුළ ඔබ මම ඉන්නට පුළුවන්. මෙ හැම ජීවිතයක්ම රකින මේ අසරණ පවුල වෙනුවෙන් කෘතගුණ සැලකීම අපේ යුතුකමක් නොවන්නේද…

නිවස පිළිසකර කිරීමෙන් පසු අපගේ දෙවන අදියර ලෙස ඔවුන්ට සතියක් ඇතුලත ස්වයංරැකියාවක් ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා. නොඑසේනම් ඔවුන්ට කිසිම ආදායම් මාර්ගයක් නැතිවේවි.

මේ දිනවල ධාරානිපාත වර්ෂාවෙන් නොතෙමී ඉන්නට හිසට සෙවනක් දෙන්න සහය වන්න…

වහලය සඳහා ඇස්බැස්ටෝස් ෂීට් 22 – රු.2300 x 22 (රු.50,600)
ප්‍රවාහනය සහ අනෙකුත් අවශ්‍ය දේ : රු.6000

පාසල් උපකරණ කට්ටලය සහ සපත්තු – රු.5,000
වියළි ආහාර පාර්සලය : රු.10,000

මාසික කැපකරු ශිෂ්‍යත්වය (මෙය ඔවුන්ගේ ගිණුමට මාස්පතා තැන්පත් කල හැක)

සම්පූර්ණ වියදම : රු.71,600

ඔබ ලබාදෙන්න කැමති මුදල කමෙන්ට් කරන්න. Paypal හරහා මුදල් තැන්පත් කිරීමෙන් වළකින්න.

Post Date : 2018 March 07
Project Code : 2018-MAR-K-0004
මුදල් තැන්පත් කල හැකි අවසාන දිනය : 2018 March 21 (දින 14ක් ඇතුලත)

වදන් පෙළගැස්ම – Nimasha Sewwandi

How to Donate – ආධාර ලබාදෙන ආකාරය :

Donate via PayGo Kiosk : http://www.paygo.lk
(Visit to find the nearest kiosk)

බැංකු ගිණුම් විස්තරය :

ගිණුමේ නම : සමාජසත්කාර.lk පදනම (SamajaSathkara.lk Padanama)
ගිණුම් අංකය : 106000969071
බැංකුව : NDB
ශාඛාව : බණ්ඩාරවෙල

Commercial, Sampath, HNB, Peoples, BOC ගිණුම් අංකයක් අවශ්‍යයි නම් පණිවිඩයක් එවන්න.

ජංගම දුරකතන හරහා ආධාර ලබාදීමට :
ezCash – 0773366488
mCash – 0703366488

පිටරට සිටින ඔබට Remittance : Moneygram, Western Union, Fast Cash, Speed Remit, Xpress Money, Ria Money Transfer

Transfer/Recipient Details :
Name : Danesh Maduranga Edirisooriya
Mobile : 0773366488
Address: Koskolawatta, Hunuwala, Thulhiriya
NIC : 861713806v
Email : info@samajasathkara.lk

තවත් ක්‍රම 10කටත් වඩා ඇති බැවින් ඒවා දැනගන්න අවශ්‍යයි නම් චැට් පණිවිඩයක් එවන්න.

සැ.යු : සමාජසත්කාර.lk ගිණුම් අංකවල වෙනසක් සිදු කර ඇති නිසා ඔබ මීට පෙර ව්‍යාපෘති වලට සම්බන්ධ වී ඇති කෙනෙක්නම් චැට් එකක් (m.me/Daneshmaduranga) ඔස්සේ නව ගිණුම් අංක ලබාගැනීමට කාරුණික වන්න.

මුදල් තැන්පත් කිරීමෙන් පසු බැංකු තැන්පතු කොපියේ/Online Transfer Receipt හෝ ඔබගේ තැන්පතුවට අදාල රිසිට්පත චැට් පණිවිඩයක් හරහා එවන්න කාරුණික වන්න. තැන්පත් කරන විට ව්‍යාපෘතිය කේතය (Project Code) හැකිනම් Reference එකක් ලෙස යොදන්න.

ආයතනික ගිණුමට තැන්පත් කරන සියලුම ආධාර මුදල් සඳහා ‍රිසිට්පතක් ලබාගැනීමට කාරුණික වන්න.

මෙය ඩවුන්ලෝඩ් කර/ලෝගෝ වෙනස් කර හෝ අදාල අන්තර්ගතය ඉවත්කර වෙනත් ෆේස්බුක් පිටු, ගෲප් වල හෝ වෙබ් අඩවිවල අප්ලෝඩ් කිරීමෙන් වලකින්න. මෙම පෝස්ට් එකෙහි අයිතිය සමාජසත්කාර.lk සතුවන අතර අවසරයකින් තොරව මෙය භාවිතා කරන්නන් හට නීතිමය පියවර ගැනීමට කටයුතු කරනු ලැබේ.

Editing, reproducing and re-using these images for commercial purposes or otherwise, without permission of Samajasathkara.lk, are strictly prohibited and considered as intended copyrights infringement.

SamajaSathkara.lk Foundation (formerly known as B.H. Edirisooriya Community Service Foundation) is a Registered Foundation : Reg No : GA3032

Helping Everyone | Everyday | Everywhere
© සමාජසත්කාර.lk | www.Samajasathkara.lk

Photographs used for promotional purposes only!

An idea by Danesh Maduranga Edirisooriya & Danesh Maduranga Edirisooriya II
Project of SamajaSathkara.lk