loader image
Select Page

දෙරන ලිට්ල් ස්ටාර් හි අවසන් තිස් දෙදෙනා අතරට තේරිපත්ව සිටින නව වියැති නෙත්මි මදුෂිකා ජයරත්න දියණියයි මේ. ඇය උඩුපිල්ල ශ්‍රී සරණංකර මහා විද්‍යාලයේ 4 වසරේ ඉගෙනුම ලබ අධ්‍යාපනයට මෙන්ම නර්තනයටද විශේෂ දක්ෂතා දක්වන දියණියක්. කිසිදා නර්තනය හදාරා නොමැති ඇය දෙරන නාලිකාවේ ලිට්ල් ස්ටාර් තරඟයට තේරීපත් වන්නේ ඇගේ දහම් පාසලේදී විවිධ කටයුතු වෙනුවෙන් දැක්වූ සහජ හැකියාව හේතුවෙන්. ඇගේ එම හැකියාව හඳුනාගත් එම ප්‍රදේශයේ දරුවන් රැසකට නර්තනය පුහුණු කරන සම්පත් ගුරුමහතා විසින් ඇයව මෙම තරඟයට යොමු කිරීමට කටයුතු සූදානම් කොට තිබෙනවා. ඒ අනුව මේ තාක් කාලයක් ඇගේ හැකියාව තව තවත් ඔප මට්ටම් කරමින් අවශ්‍ය ඇඳුම් නිර්මාණ පවා ඔහු විසින්ම සකසා දෙමින් ඇයව ඉදිරියට ගෙන ඒමට සමත් වුනා. ගුරුවරයෙක් වශයෙන් දරුවෙකුගේ හැකියාවන් ලොවක් ඉදිරියට ගෙන යාමට ඔහු මේ සිදු කරන කැපකිරීම සැබවින්ම අගය කළ යුතුයි.

නමුත් මේ දියණියගේ දෙමාපියන් ජීවත් වෙන්නෙ ඉතා අපහසු ආර්ථික මට්ටමක. දියණිය මේ තරඟයට යෑමත් සමඟ අධික වූ වියදම් පියවා ගැනීමට මව දින කිහිපයකට ඉහතදී රැකියාවකට සම්බන්ධ වී තිබෙනවා. පියා ත්‍රීරෝද රථයක් ධාවනය කර දිනකට උපයන මුදලෙන් ජීවත් වෙන ඔවුන්ට මේ දියණියගේ ඇඳුම් වලට යන වියදම මෙන්ම මාතලේ සිට කොළඹට යාමට ඒමට යන වියදම් දරාගන්න හැකියාවක් නැහැ. නමුත් දහඩිය මහන්සියෙන් උපයන මුදල සම්පූර්ණයෙන්ම යට කර හෝ ආදරණීය දියණියගේ හැකියාව තවත් ඉදිරියට ගෙන යාම මේ පියාගේ එකම සතුට එකම පැතුම වී තිබෙනවා. දියණියගේ පාසල් අධ්‍යාපන කටයුතු වලට මෙන්ම 10 වසරේ ඉගෙනුම ලබන වැඩිමහල් පුතුගේ අධ්‍යාපන කටයුතු වලටද යන වියදම් අතරේ, මෙම තරඟය වෙනුවෙන් වැය වන වියදම් සියල්ල දරාගන්න මොහු උපයන මුදල ප්‍රමාණවත් නැහැ.

දෙරන ලිට්ල් ස්ටාර් ඔබත් නරඹනවා නම් ඇගේ හැකියාවන් ඔබත් දැක ඇති. සැබැවින්ම ඇය දක්ෂයි. කිසිදා නර්තනය හදාරා නැති නෙත්මි දියණියගේ මෙම හැකියාව සහජයෙන් ලද්දක් විය හැකියි. විශේෂයෙන්ම ඇගේ පියාණන් වසර 15 ක් පුරාවට නර්තනය හැදෑරු වෙස් නැට්ටුවෙක් වීමත් ඇගේ මේ උපතින් ලද හැකියාවට බොහෝ විට රුකුලක් වන්නට ඇති.

ඔවුන් සැප සම්පත් බලාපොරොත්තු වන්නේ නැහැ. ආදරණීය දියණිය වෙනුවෙන් පියාණන්ගේ හදවතේ ඇති සෙනෙහස නිසාවෙන්ම ඈ ලොවක් ඉදිරියේ ඇගේ හැකියාවෙන් ඉදිරියට යන අයුරු දැකීමයි ඔහුගේ එකම පැතුම. ඒ වෙනුවෙන් ඔහු කිසිවක් නොව ඊට යන වියදම පියවාගන්නට සහයෝගය පමණමයි බලාපොරොත්තු වන්නේ. නෙත්මි දියණිය අවසන් තරු අතර බබලවන්න අපි හැමෝගෙම පුංචි සහයෝගයකින් උනත් බැරි නැහැ.

Derana Little Star Video December 24 (මිනිත්තු 1.45 සිට බලන්න) : https://youtu.be/W_a9LHA5tng

Derana Little Star Video March 04 (මිනිත්තු 2.04 සිට බලන්න) :
https://youtu.be/-kVgM8ZGdBQ

ඊලඟ වටයේ ඇඳුම සඳහා වියදම : රු.15,000
ගමනාගමන සහ වෙනත් : රු.5,000

සම්පූර්ණ වියදම : රු.20,000

ඔබ ලබාදෙන්න කැමති මුදල කමෙන්ට් කරන්න. Paypal හරහා මුදල් තැන්පත් කිරීමෙන් වළකින්න.

Post Date : 2018 March 07
Project Code : 2018-MAR-MTL-0003
මුදල් තැන්පත් කල හැකි අවසාන දිනය : 2018 March 21 (දින 14ක් ඇතුලත හෝ අවසාන දිනය පසුවී ඇත්නම් ඔබ මෙම පෝස්ට් එකට කමෙන්ට් කර දින 7ක් ඇතුලත)

වදන් පෙළගැස්ම – Nimasha Sewwandi

How to Donate – ආධාර ලබාදෙන ආකාරය :

Donate via PayGo Kiosk : http://www.paygo.lk
(Visit to find the nearest kiosk)

බැංකු ගිණුම් විස්තරය :

ගිණුමේ නම : සමාජසත්කාර.lk පදනම (SamajaSathkara.lk Padanama)
ගිණුම් අංකය : 106000969071
බැංකුව : NDB
ශාඛාව : බණ්ඩාරවෙල

Commercial, Sampath, HNB, Peoples, BOC ගිණුම් අංකයක් අවශ්‍යයි නම් පණිවිඩයක් එවන්න.

ජංගම දුරකතන හරහා ආධාර ලබාදීමට :
ezCash – 0773366488
mCash – 0703366488

පිටරට සිටින ඔබට Remittance : Moneygram, Western Union, Fast Cash, Speed Remit, Xpress Money, Ria Money Transfer

Transfer/Recipient Details :
Name : Danesh Maduranga Edirisooriya
Mobile : 0773366488
Address: Koskolawatta, Hunuwala, Thulhiriya
NIC : 861713806v
Email : info@samajasathkara.lk

තවත් ක්‍රම 10කටත් වඩා ඇති බැවින් ඒවා දැනගන්න අවශ්‍යයි නම් චැට් පණිවිඩයක් එවන්න.

සැ.යු : සමාජසත්කාර.lk ගිණුම් අංකවල වෙනසක් සිදු කර ඇති නිසා ඔබ මීට පෙර ව්‍යාපෘති වලට සම්බන්ධ වී ඇති කෙනෙක්නම් චැට් එකක් (m.me/Daneshmaduranga) ඔස්සේ නව ගිණුම් අංක ලබාගැනීමට කාරුණික වන්න.

මුදල් තැන්පත් කිරීමෙන් පසු බැංකු තැන්පතු කොපියේ/Online Transfer Receipt හෝ ඔබගේ තැන්පතුවට අදාල රිසිට්පත චැට් පණිවිඩයක් හරහා එවන්න කාරුණික වන්න. තැන්පත් කරන විට ව්‍යාපෘතිය කේතය (Project Code) හැකිනම් Reference එකක් ලෙස යොදන්න.

ආයතනික ගිණුමට තැන්පත් කරන සියලුම ආධාර මුදල් සඳහා ‍රිසිට්පතක් ලබාගැනීමට කාරුණික වන්න.

මෙය ඩවුන්ලෝඩ් කර/ලෝගෝ වෙනස් කර හෝ අදාල අන්තර්ගතය ඉවත්කර වෙනත් ෆේස්බුක් පිටු, ගෲප් වල හෝ වෙබ් අඩවිවල අප්ලෝඩ් කිරීමෙන් වලකින්න. මෙම පෝස්ට් එකෙහි අයිතිය සමාජසත්කාර.lk සතුවන අතර අවසරයකින් තොරව මෙය භාවිතා කරන්නන් හට නීතිමය පියවර ගැනීමට කටයුතු කරනු ලැබේ.

Editing, reproducing and re-using these images for commercial purposes or otherwise, without permission of Samajasathkara.lk, are strictly prohibited and considered as intended copyrights infringement.

SamajaSathkara.lk Foundation (formerly known as B.H. Edirisooriya Community Service Foundation) is a Registered Foundation : Reg No : GA3032

Helping Everyone | Everyday | Everywhere
© සමාජසත්කාර.lk | www.Samajasathkara.lk

Photographs used for promotional purposes only!

An idea by Danesh Maduranga Edirisooriya & Danesh Maduranga Edirisooriya II
Project of SamajaSathkara.lk